උසස් පෙළ Z අගය ඉහළින් සමත් ද? – උපාධියක් ගන්න ආණ්ඩුවෙන් ලක්ෂ 11ක්

අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වීමට නොලැබෙන සිසුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් මෙරට උපාධි පාඨමාලාවක් හැදෑරීම සදහා පොලී රහිතව ලක්ෂ 11ක බැංකු ණය පහසුකම් සැලසීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරන ලදි.

මේ සඳහා Z අගය ඉහළ තිබිය යුතු බව සදහන් කර තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මීට පෙර ලංකා බැංකුව මගින් සිසුන් හට පොලී රහිතව රු. ලක්ෂයක ණය මුදලක් පිරිනැමූ අතර නව වැඩපිළිවෙල යටතේ උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා රු. ලක්ෂ 8 කුත් එදිනෙදා වියදම සඳහා රු.ලක්ෂ 3ක් ලෙසින් රු.ලක්ෂ 11ක් ලබාදීමට යොදන බව රංජිත් ප්‍රකාශ කරන ලදී.

මෙම ණය මුදල ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ මහජන බැංකුව මගින්ද සිසුන්ට ලබාදීමට හැකිවන ලෙස එය පුළුල් කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත සිසුන් 5000කට මෙම ණය පහසුකම ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

උසස් පෙළ Z අගය ඉහළින් සමත් ද? – උපාධියක් ගන්න ආණ්ඩුවෙන් ලක්ෂ 11ක්
පළාත් පාලන ආයතනවල නිල කාලය දීර්ඝ කරන්න පොහොට්ටුවෙන් උත්සහයක් !
අමෙරිකාවට එරෙහිව සටන් කිරීමට උතුරු කොරියානු වැසියන් ලක්ෂ අටක් හමුදාවට එක් වෙයි
පාර්ලිමේන්තුවේ හිටපු 266කට පැන්ෂන් ගෙවන්න කෝටි 15ක් !
මැති ඇමති රාජ්‍ය නිලධාරී විදෙස් වියදම් කප්පාදුව හෙට සිට ක්‍රියාත්මකයි!