සිසුවිකට ලිංගික අතවර කලා යන චෝදනා මත , විදුහල්පති අත්අඩංගුවට

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රකට ජාතික පාසලක එකොළොස් වන ශ්‍රේණියේ සිසුවියකට එම විදුහල තුළදී ලිංගික අතවර සහ බලහත්කාරකම් පෑම යන චෝදනා මත එහි විදුහල්පති අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

අත්අඩංගුවට විදුහල්පතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බව කුරුවිට පොලීසිය සඳහන් කරයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සැකකාර විදුහල්පතිවරයා මෙම සිසුවිය කාර්යාලයට ගෙන්වාගෙන අතවරය සිදුකර ඇති බවට පැමිණිලි ලැබුණු බව පොලීසිය සඳහන් කරයි.

සිසුවිය මේ පිළිබඳව පාසැල් ගුරුවරුන්ටත් දෙමව්පියන්ටත් දැනුම් දීමෙන් පසු දෙමව්පියන් මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

එම පැමිණිල්ල අනුව විමර්ශන සිදුකර අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.