රැස්වීම්වලට දැන් සෙනග අඩුයි..- අනුර
පළාත් පාලන මැතිවරණය නොපතවන බවට සංඥාවක් ලැබුණු පසු ජනතාවගේ තිබුණු මැතිවරණ උද්යෝගය අඩු වී ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වේයැයි වේගයෙන් මැතිවරණ ව්‍යාපාරයේ නියැලීමට තම පක්ෂය කටයුතු කළ බවද පැවසූ ඔහු අප්‍රේල් 25 වනදා මැතිවරණය පැවැත් වේ යැයි ජනතාව උණුසුමින් ආශ්වාදයෙන් දේශපාලන ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ බව ද හෙතෙම පැවසීය.
එනිසා මාලිමාවේ සංවිධාන යාන්ත‍්‍රණයට දරාගැනීමට නොහැකි ලෙස ජනතාවගෙන් ඉල්ලීම් පැමිණි බවද හෙතෙම කියා සිටියේය.
නමුත් මැතිවරණය නොපැවැත්වෙන බවට සංඥාවක් ලැබී ඇති නිසා දැන් ජනතාවගේ එම උද්යෝගය පහළ බැස ඇතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේ කොලොන්නාවේ පැවති ජන හමුවක් අමතමිනි.