සුවසැරිය ගිලන් රථ සේවාවට පුද්ගලික අංශයේ පරිත්‍යාග මත ජීවිතය ලැබෙයි!
සුවසැරිය ගිලන් රථ 105ක් තවදුරටත් පවත්වාගෙන යෑම සඳහා පුද්ගලික අංශයේ සමාගම් ඉදිරිපත්ව ඇති බවත් මේ වසරේ රුපියල් මිලියන 525ක් වැය කිරීමට ඔවුන් සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
ජෝන් කීල්ස් සමාගම ගිලන් රථ වෙනුවෙන් වැඩිම මුදලක් පරිත්‍යාග කර ඇති අතර එම මුදල රුපියල් මිලියන 100ක් බව හර්ෂ ද සිල්වා සඳහන් කරයි.
1990 සුවසැරිය ගිලන් රථ සේවාව පවත්වාගෙන යෑම රජයට අපහසු වී ඇති බැවින් එම සේවාව තවදුරටත් පවත්වාගෙන යෑමට පෞද්ගලික ආයතනවලින් හෝ පුද්ගලයින්ගෙන් සහය ඉල්ලමින් පසුගියදා දැන්වීම් පළ කර තිබිණි.
එක් ගිලන් රථයක් සඳහා රුපියල් මිලියන 5ක් වැයවන බව ද එහි සඳහන්ව තිබූ අතර ඊට ප්‍රතිචාර දැක්වූ පෞද්ගලික ආයතන රුපියල් මිලියන 525ක මුදලක් ගිලන් රථ වෙනුවෙන් එකතු කිරීමට සමත්ව තිබේ.
පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ සති කිහිපයක් ඇතුළත මෙම මුදල රැස් කර ගැනීමට ලැබිම එක්තරා අන්දම ජයග්‍රහණයක් බවත් මන්ත්‍රිවරයා පවසා තිබේ.