සැමියාගේ මුගුරු පහරින් බිරිය මරුට!
විසිතුන්හැවිරිදි එක්දරු මවකට ස්වාමියා මුගුරකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් අරණායක පොලිසියෙන් වාර්තා වේ.
පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් මෙසේ මියගොස් ඇත්තේ ලඹුටුව, මිල්ලංගොඩ පදිංචි මොහොට්ටාලලාගේ කුමුදුනි දේශානි රණසිංහ නැමති කාන්තාවකි.
මියගිය කාන්තාව පොලිසියට ලද තොරතුරක් මත සිද්ධිය වූ ස්ථානයට යනවිටත් ලේ විලක් මැද කුස්සියේ ඇදවැටී මරණයට පත්ව සිටි බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් අරණායක පොලිසිය අධිකරණය හමුවට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුව පශ්චාත් මරණය පරික්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇතිබවද පොලිසිය සඳහන් කළේය.
මිය ගිය කාන්තාව ආසන්නයේ තිබි පහරදීම සඳහා යොදාගත් බාවට සැක කෙරෙන මුගුරද හමුවි ඇති බව ද පොලිසිය පැවසීය.
ඝාතනය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ස්වාමියා පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇතිබවද පොලිසිය පැවසීය.