කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය ඇමතිවරිය වූ ශ්‍රී ලාංකික තුෂාරා

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක්වන තුෂාරා විලියම්ස් පසුගිය 19 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය ලෙස පත් කිරීමට කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ කටයුතු කර තිබේ.

තුෂාර විලියම්ස් කැනඩා රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවූ ශ්‍රී ලංකා සම්භවයක් සහිත ප්‍රථම කාන්තාවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ උපත ලබා ඇති තුෂාරා විලියම්ස් සිය ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය කොළඹ කාන්තා විද්‍යාලයෙන් ලබා තිබේ.

ඇය කැනඩාවට සංක්‍රමණය වී ඇත්තේ වර්ෂ 1991 දී ය. කැනඩාවේ ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය මෙන්ම ගෝලීය සංවර්ධන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද ඇය හදාරා තිබේ.

ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව තුෂාරා කෙටි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය සේවය කර තිබේ.

කැනේඩියානු සිවිල් සේවයට වර්ෂ 2001 දී බැඳෙන තුෂාරා කැනඩා රජයේ මෙම නව තනතුර දැරීමට පෙර සමාජ, ආර්ථික සහ මූල්‍ය අංශ වල අත්දැකීම් සම්භාරයක් ලබා තිබේ.