රෝහලෙන් පැනගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයාගනී

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පළාගිය කොවිඩ් ආසාදිත කාන්තාව ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබඳ ප්‍රදේශයක සිටියදී ගම්වාසීන් විසින් සොයා ගත් බව “අද දෙරණ” වාර්තාකරු පවසයි.

එය පොලීසිය විසින්ද තහවුරු කළේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මෙම කාන්තාව, එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග පෙරේදා (19) රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබුණි.

පසුව ඊයේ (20) ඇයගේ දරුවා සොයා ගැණුනේ ඇයගේ ඥාතීන් සමග සිටියදීය.

වයස අවුරුදු 25 ක් වන අදාළ කාන්තාව අතුරුදන්ව සිටීම හේතුවෙන් ඇයගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කළේය.