අකිල විරාජ් කාරියවසම් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වේ.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
‘සිරිකොත’ එජාප පක්ෂ මූලස්ථානයේ අද (23) දින පැවැති රැස්වීමේදී අකිල විරාජ් කාරියවසම් මේ බව දැනුම් දී තිබේ.
කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!
ඒ අනුව පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ ඉදිරියේදී නව මහලේකම්වරයෙක් පක්ෂයට පත්කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අකිල විරාජ් කාරියවසම් පැවසුයේ, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් ආරම්භකර ඇති පක්ෂ ප්‍රති සංවිධාන යටතේ ඔහුට සුදුසු අයකු පත්කරගැනීම සඳහා තමා ලේකම් ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවයි.
කෙසේවුවද, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු ලෙස පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා උපරිම සහයදෙන බවද ඔහු කියා සිටියේය.
පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිතය.