පාසැල් සිසුවාට වායු රයිෆලයෙන් වෙඩි තැබූ වෛද්‍යවරයා රිමාන්ඩ්

පාසැල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයා ලබන දෙසැම්බර් 02 වෙනිදා දක්වා රිමාන්ඩ් බනධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබුවා.

පන්නිපිටිය, ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි 17 හැවිරිදි පාසැල් සිසුවෙකු පන්දුව ක්‍රීඩා පිටිය අසල පිහිටි වත්තකට යාම නිසා එය නැවත ගැනීමට යාමේදී මෙම වෛද්‍යවරයා විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබුවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වෛද්‍යවරයාව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.