කොළඹ නාට්ටාමි හා යාචකයින් පිරිසකට කොවිඩ්
කොළඹ මැනිං වෙළඳ පොල ආශ්‍රිත නාට්ටාමිවරුන් සහ කොළඹ ප්‍රදේශයේ යාචකයින් පිරිසක් නිරෝධායනය සඳහා වේයන්ගොඩ, පත්තලගෙදර ගුරු අභ්‍යාස විද්‍යාල පරිශ්‍රය වෙත යොමුකර සිටියදී ඉන් 20ට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මිගාර ඈපා මහතා සඳහන් කරයි.
එම පරිශ්‍රයෙහි නාට්ටාමිවරුන් 112 දෙනෙකු සහ යාචකයින් 8 දෙනෙකු නිරෝධානය සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබූ බවත් මින් 20 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.
මේ අතර අද (24දා) සවස 4න් අවසන් වූ පැය 24 කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 24 කි. දිස්ත්‍රික්කයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 4949 දෙනෙකු වෙයි.