කොවිඩ් ආසාදිත පොලිස් නිලධාරින් ගණන ඉහළට

කොවිඩ් වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 1095ක් දක්වාත් වෛරසය ආසාදනය වූ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් ගණන 256 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

මේ අතර පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් නිලධාරීන් සිවුදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීමත් සමග එය හුදෙකලා කර එහි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායනයට යොමුකළ බව පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!