ජනතාවගේ තැන්පතු මුදල් එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්න බෑ – හර්ෂගෙන් කබ්‍රාල්ට පිළිතුරු

මෙරට බැංකු සහ මූල්‍ය සමාගම් සතුව ඇති රුපියල් බිලියන 10,000ක තැන්පතු මුදල්වලින් යම් ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළඳපොල වෙත යොමුකළ යුතු බවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ප්‍රතිචාර දක්වා තිබේ.

“දැන් අපි දන්නවා ටික දවසකට කලින් මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයේ ප්‍රධානීන් දෙන්නෙක් ඉවත් කරලා අලුතින් දෙන්නෙක් පත්කරලා තියෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා නම් තමන්ගෙ කණ්ඩායමක් මහබැංකුවට ගෙනල්ලා මූල්‍ය පාලනය ඒ දේශපාලන පක්ෂයට ඕනෙ විදියට කරන්න, එහෙම නම් දැන් ඒ පසුබිම සම්පූර්ණයෙන්ම සකස් කරගෙන තියෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

විගණන කොමිසම අහෝසි කිරීමත් සමඟම ඔවුන් මහබැංකුවේ විගණන සම්බන්ධයෙනුත් සීමා බොහොමයක් දාන්න 20 වන සංශෝධනයෙන් සූදානම් වෙනවා. බැංකුවල රුපියල් බිලියන 9000කුත් ෆිනෑන්ස් කොම්පැණිවල රුපියල් බිලියන 1000කුත් වශයෙන් රුපියල් බිලියන 10,000ක් කියන්නෙ මිනිස්සු මහන්සිවෙලා හම්බුකරලා ඉතුරු කරපු මුදල්.