පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයන් නිසා නවසීලන්තයේ කොවිඩ් තත්ත්වය යළිත් අවදානමකට

කොවිඩ් -19 සඳහා ධනාත්මක පරීක්‍ෂණයක් පැවැත්වීමෙන් පසු පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් 06 දෙනෙකු නවසීලන්තයේ හුදෙකලා වී සිටින බව නවසීලන්තයේ ජාතික ක්‍රිකට් ආයතනය පවසයි. .

නවසීලන්ත ක්‍රිකට් ආයතනය කියා සිටියේ, ක්‍රයිස්ට්චර්ච් හි දැනට හුදෙකලා වී සිටින පාකිස්තාන සංචාරක කණ්ඩායමේ සාමාජිකයින් හය දෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවන් සිදුකර ඇති බව දැනුම්දී ඇති බවය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙයින් සිද්ධීන් හතරක් අලුත් ඒවා වන අතර සිද්ධීන් දෙකක් ඉතිහාසයක් පවතින ආසාදන බවද නවසීලන්තය කියයි. අවස්ථා හතරකදී ලාහෝර් සිට පිටත්ව යාමට පෙර සියලුම ක්‍රීඩකයින් වෛරසය සඳහා සෘණාත්මක බව පරීක්‍ෂා කර ඇති බවද නවසීලන්ත ක්‍රිකට් ආයතනය පවසයි.

කෙසේ වෙතත් එහි ප්‍රතිඵලයක් ලෙස, පාකිස්තාන කණ්ඩායම පුහුණු කිරීම සඳහා නිදහස් කිරීම විමර්ශන අවසන් වන තෙක් අත්හිටුවා ඇති බවද කියයි.

ජෝන් හොප්කින්ස් වෛද්‍ය විශ්ව විද්‍යාලයට අනුව නවසීලන්තය කොරෝනා වයිරසය හැසිරවීමේ ප්‍රවේශය පිළිබඳව පුළුල් ලෙස පැසසුමට ලක්ව ඇති රටක් වන අතර, වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා ආසාදිතයන් 2,000ක් සහ මරණ 25ක් පමණක් වාර්තා වී තිබේ.

පාකිස්තානයේ නිල ක්‍රිකට් වෙබ් අඩවිය පැවසුවේ කණ්ඩායම සඳුදා නවසීලන්තය බලා පිටත්ව ගිය බවය. ඔවුන් එරටට පැමිණීමෙන් පසුව පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හුදකලා කිරීමේ නීතිරීති කඩකර ඇති බව  නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

“ඔවුන් රැඳී සිටින පහසුකම තුළ අපේක්ෂිත හැසිරීම් පිළිබඳ පැහැදිලි, ස්ථාවර හා සවිස්තරාත්මක සන්නිවේදනයක් තිබියදීත් පාකිස්තාන කණ්ඩායම් සාමාජිකයන් කිහිප දෙනෙකු හුදකලා නීතිරීති උල්ලංඝනය කරමින් හැසිරෙන ආකාරය නිරීක්ෂණය වී තිබෙනවා. ඒ අනුව සමස්තයක් වශයෙන් කණ්ඩායමට අවසාන අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.” සෞඛ්‍ය අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙයි.

සෞඛ්‍ය නිලධාරීන්ට අනුව, සංචිතයේ සාමාජිකයින් 53 දෙනෙකු නොවැම්බර් 24 වැනි දින ක්‍රයිස්ට්චර්ච් වෙත පැමිණ පළමු වැනි දිනයේදී පරීක්ෂාවට ලක්කර ඇති අතර, මෙම ආසාදන එම පරීක්ෂණවල ප්‍රතිඵල බව කියයි.

එහිදී ධනාත්මක පරීක්ෂණ ඇති අයට මෙම පහසුකම තුළ නිරෝධායන කාමරවල රැඳී සිටිය යුතු අතර කණ්ඩායම් සාමාජිකයින්ට පුහුණුවීම සඳහා පිටව යාමට අවසර නැත. කෙසේ වෙතත් මෙම පහසුකම තුළම ඔවුනොවුන් අතර හුදකලා උල්ලංඝනයන් සිදුවී ඇති බැවින් මහජනතාවට දැනට අවදානමක් නොමැති වුවත්, මෙය නවසීලන්තය කොවිඩ්-19 හමුවේ ලැබූ සාර්ථකත්වය යම් බලපෑමක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඉරිදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ උණක් වාර්තා වීමෙන් පසු එක් ක්‍රීඩකයෙකු සංචාරයෙන් ඉවත්ව සිටි නමුත් මීට පෙර කොවිඩ් -19 සඳහා සෘණාත්මක පරීක්ෂණ සිදුකර තිබූ බවය.

පාකිස්තාන කණ්ඩායම නවසීලන්තයේ දී විස්සයි විස්ස තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් ක්‍රීඩා කිරීමට අපේක්ෂා කළ අතර, පළමු වැනි තරගය දෙසැම්බර් 18 වැනි දින ඕක්ලන්ඩ් හි ඊඩන් පාර්ක් හිදී පැවැත්වීමට නියමිතව තිබුණි.