මහනුවර ජාතික රෝහලේ කාර්යමණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ්
මහනුවර ජාතික රෝහලේ කාර්යමණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් -19 වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මහනුවර ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්ෂිකා, වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ මෙම ආසාදිතයන්ගේ සම්බන්ධතාවයන් පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති බවය.
“සැක සහිත රෝග ලක්ෂණ නිසා අපගේ කාර්යමණ්ඩලයේ දෙදෙනෙකුගේ PCR පරීක්ෂණ කළා. ඔවුන් ආසාදිතයින් බවට හඳුනාගත්තා. ඊයේ රාත්‍රියේදීම අපි ඔවුන්ව තෙල්දෙණිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කළා. මේ තත්ත්වය ඇති වුණේ උගුර කණ නාසය පිළිබඳව සායනයේ. ඒ නිසා ඒ අවස්ථාවේ සහ පසුගිය දිනවල එහි සේවය කළ අනෙකුත් කාර්යමණ්ඩලයේ PCR පරීක්ෂණත් මේ වෙනකොට සිදුවෙනවා. ඒ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා. අද දිනයේ සිදු කෙරෙන PCR පරීක්ෂණත් සමග මේ ආසාදිතයන්ගේ සම්බන්ධතාවය ගැන තොරතුරු අනාවරණය කරගන්න ලැබෙයි. මේකෙ සම්බන්ධතාවය තාම අනාවරණය වෙලා නෑ. රෝහල් කණ්ඩායම තුළ තවත් කොවිඩ් ආසාදිතයින් ඉන්නවාද කියලා ඉක්මණින් හඳුනාගැනීමටත් අවශ්‍යයි. උගුර කණ නාසය පිළිබඳව සායනයේ කටයුතු අද දිනයේ නවතා තිබෙනවා. රෝහලේ අනෙකුත් කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යනවා. ඉදිරියේදී යම් යම් සේවාවන්ට සීමා පැනවීමට සිදුවෙන්න පුළුවන් මේ තත්ත්වයත් සමග. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍යම කරුණක් නිසා පමණක් රෝහලට පැමිණෙන ලෙසයි,” යනුවෙන් මහනුවර ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්ෂිකා, වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.
මහනුවර ජාතික රෝහලෙන් ඊයේ දිනයේ PCR පරීක්ෂණ 675ක් සිදුකර තිබූ අතර ඉන් 13 දෙනෙකුගේ වාර්තා කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු අතර රෝහල් කාර්යමණ්ඩලයට අයත් දෙදෙනාද ඒ අතර වන බවද වෛද්‍ය ප්‍රනාන්දු මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.