කොවිඩ් මරණ 7ක්

කොවිඩ් මරණ 7ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 7ක් පිළිබඳ තොරතුරු වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

එසේ මියගොස් ඇත්තේ,

කොළඹ 02 පදිංචිව සිටි 50  හැවිරිදි කාන්තාවක්, ගොතටුව පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මොරටුවේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, හලාවත පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, අකුරැස්සේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවක් සහ මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 116කි.

1. කොළඹ 02 පදිංචිව සිටි 50  හැවිරිදි කාන්තාවකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට මුල්ලේරියාව මුලික රෝහලට මාරුකර එවා ඇති අතර එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී ඊයේ (28) මියගොස් ඇත. මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් – 19 නියුමෝනියාව සහ නිධන්ගත පෙනහලු රෝගයකි.

2. ගොතටුව පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. 27 වනදා නිවසේ දී මියගොස් ඇත. මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් නියුමොනියාව සමඟ නිධන්ගත පෙනහලු රෝගයක් සහ දියවැඩියාව උත්සන්න වීමය.

3. මොරටුවේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු බවට හඳුනාගෙන ප්‍රතිකාර ලබමින් සිටියදී හෝමාගම මුලික රෝහලේ දී අද (29) මිය ගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් – 19 ආසාදනය නිසා උග්‍ර වු නියුමෝනියාවය.

4 . හලාවත පදිංචිව සිටි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. හලාවත මූලික රෝහලේ දී අද (29) මිය ගොස් ඇත. මරණයට හේතුවී ඇත්තේ දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ ආඝාතය සමඟ කොවිඩ් – 19 නියුමෝනියාවයි.

5 . අකුරැස්සේ පදිංචිව සිටි 51 හැවිරිදි කාන්තාවකි. කරාපිටිය ශික්ෂණ රෝහලේ සිට කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට වෙත මාරු කර එවා ඇති අතර එහිදී 27 වනදා මියගොස් ඇත. මරණයට හේතු වී ඇත්තේ නිධන්ගත වකුගඩු රෝගය සමඟ කොවිඩ් – 19 නියුමෝනියාව වේ.

6. කොළඹ 13 පදිංචිව සිටි 90 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එහිදී අද (29) මිය ගොස් ඇත. මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් – 19 නියුමෝනියාව යි.

7 . මරදාන ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පසුගිය 27 වනදා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මියගොස් සිට ඇත. මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් – 19 සමඟ පෙනහලු අකර්මන්‍ය වීමය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!