මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳව ස්වාධීන විමර්ශනයක් කරන්න – සජිත්

මහර බන්ධනාගාරය තුළ උද්ගතවූ තත්වය සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකින් විමර්ශනයක් සිදුකරන බව බන්ධනාගාර අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර ඇතත් එවන් විමර්ශනයකින් සත්‍ය හෙළිකර ගැනීමට හැකියාවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

ඒ අනුව මෙම සිදුවීම පිළිබඳව ස්වාධීන කමිටුවක් පත්කර ඒ ඔස්සේ විමර්ශනයක් සිදුකිරීම අත්‍යාවශ්‍ය බවයි ඒ මහතා අවධාරණය කළේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එමෙන්ම බන්ධනාගාර ආශ්‍රිතව දහසකට අධික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් සහ මහර බන්ධනාගාරය තුළ 183 දෙනෙකුගෙන් යුත් කොවිඩ් පොකුරක් නිර්මාණය වූ ආකාරය ද විමර්ශනය කර ඉදිරියේදී මෙවන් තත්වයක් ඇති නොවීමට වහාම පියවර ගතයුතු බවත් රට තුළ අනෙකුත් ඕනෑම තැනක මෙන්ම බන්ධනාගාර තුළත් සිටින ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලසීම රජයේ වගකීමක් බවත් ඒ මහතා එහිදී සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (30) උදෑසන පාර්ලිමේන්තුවේදී මෙම සිදුවීම පිළිබඳ සභාවේ අවධානය යොමු කරමිනි.