කැබිනට් මණ්ඩලය ප්‍රථම වරට වීඩියෝ තාක්ෂණයෙන් රැස්වෙයි
මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට කැබිනට් මණ්ඩල රැස්වීමක් අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණය භාවිතයෙන් අද (30) පවත්වා තිබෙනවා.
ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ සිට සහ අමාත්‍යවරුන් සිය කාර්යයාල වල සිට මෙම රැස්වීමට එක් වී ඇති බව වාර්තා වෙනවා.
කොවිඩ් වසංගත තත්ත්වයට අමතරව කාර්යක්ෂමතාව, පහසුව, කාලය සහ වියදම ඉතිරිවීම, මෙසේ අන්තර්ජාලය හරහා වීඩියෝ තාක්ෂණයෙන් මෙම රැස්වීම පැවැත්වීමට හේතු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.