බුරවි නිසා මුහුදු රළ ප්රචණ්ඩ විය හැකියි, කාලගුණයෙන් තවත් අනතුරු ඇඟවීම්
බුරුවි සුළි කුණාටුව අද පස්වරුවේදී ගොඩබිම ප්‍රදේශයට ඇතුළුවීමට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුදු රළ ප්රචණ්ඩ විය හැකි බවත්, සාමාන්‍ය දිනවලට වඩා මීටර් 01 ඉක්මවන මුහුදු රළ ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසනවා.
මේ නිසා වෙරළබඩ ප්‍රදේශවල පහත් බිම් ජලයෙන් යටවිය හැකි බැවින් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාව නිරන්තර විමසිල්ලෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
ඕනෑම අවස්ථාවක දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට, මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් වැසි ඇතිවිය හැකි අතර ඇතැම් විට මිලිමීටර් 200 ඉක්මවන තරමේ වැසි බලාපාරොත්තු වියහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.