බස් රථයෙන් ක්ලේමෝ බෝම්බයක් ප්‍රවාහනය ක​ළ කොටි කතක් අත්අඩංගුවට

තම දරුවාද සමඟ ක්ලේමෝ බෝම්බයක් ප්‍රවාහනය කරමින් සිටි හිටපු LTTE සාමාජිකාවක හා ඇයගේ සැමියා ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක යමින් සිටියදී පරන්තන්හිදී මෙලෙස අල්ලා ගත් බවයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ. බුද්ධි අංශ දුන් ඔත්තුවකට අනුව පොලිස් – හමුදා ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම වැටලීම කර තිබෙනවා.