නැවතත් කොළඹ මහනගර සභාවේ 49 කට කොරෝනා
කොළඹ මහනගර සභාවෙන් කොරෝනා ආසාදිතයින් 49 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඉකුත් දින කිහිපය තුලදී කොළඹ මහනගර සභාවෙන් කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා වුයේ නැහැ. කෙසේ වෙතත් ඊයේ මෙම රෝගීන් වාර්තා වීමත් සමග කොළඹ මහනගර සභාවේ අවදානම පහව ගොස් ඇති බවට පැවසිය නොහැකි බවයි ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ.