මහනුවර දිගන ප්‍රදේශයේ යලිත් සුළු භූ චලනයක්

මහනුවර – දිගන – අඹකොටේ ප්‍රදේශයේ සුළු භූ චලනයක් සිදුව තිබෙනවා.
ඊයේ රාත්‍රි 8.45ට මෙම භූ චලනය සිදුව ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයෙන් කළ විමසීමක දී එහි සභාපති අනුර වල්පොල ප්‍රකාශ කලේ ඊයේ රාත්‍රියේ දිගන ප්‍රදේශයට බලපා ඇති සුළු භූ කම්පන තත්වය රික්ටර් මාපක 2ට වඩා අඩු අගයක් ගන්නා බවයි.