වතු කම්කරුවන් වෙනුවෙන් පොරොන්දු වූ රු. දහසේ වැටුප ලබාදීමට වැඩපිළිවෙළක්
වතු කම්කරුවන් වෙනුවෙන් අයවැයෙන් පොරොන්දු වූ රුපියල් දහසේ දෛනික වැටුප අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර වතු කම්කරුවන් වෙත ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
අයවැය සම්මත වීමෙන් පසු එම වැඩපිළිවෙළ සැකසීම වහා අරඹන බවද කම්කරු අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
නිෂ්පාදන ධාරිතාව වැඩි කර ගැනීමට සමත් නොවූ සහ නිසි ලෙස රැකබලා නොගත් වතු රජයට පවරා ගැනීම සඳහා පනතක් ගෙන එන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
කම්කරුවන්ගේ පැමිණිලි වෙනුවෙන් ඇහුම්කන් දීමට සහ ඔවුන්ට උපදේශන ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද කමිටුවේ අවධානය යොමු වූ අතර මුදල් වංචා කරන ලද නිලධාරීන් පිළිබඳ දීර්ඝ ලෙස කෝප් කමිටුවේදී අවධානය යොමු කළ යුතු බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.