විදේශගත ලාංකිකයන් පිරිසක් දිවයිනට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මැදපෙරදිග රටවල් 02 ක සහ ඕස්ට්‍රේලියාවේ , ජපානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 298 දෙනෙකු රජයේ විශේෂ අවසරය මත අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි ගුවන් යානා 02 කින් 169 දෙනෙකු ද , කටාර් රාජ්‍යයේ දෝහා සිට 41 දෙනෙකු ද , ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සිට 38 දෙනෙකු ද , ජපානයේ නරීටා සිට 50 දෙනෙකු ද වශයෙන් ශ්‍රී ලාංකිකයන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

මෙම පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණි පසුව කොළඹ පෞද්ගලික රෝහල් කීපයක කාර්යය මණ්ඩල විසින් පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කිරීමෙන් පසුව නීරෝධායන කටයුතු සදහා සංචාරක හෝටල් වෙත යොමු කර තිබේ.