බෝගම්බර නිරෝධායනය වූ 363කට කොවිඩ්

මහනුවර බොගම්බර පැරණි බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවූවන් 181 දෙනෙකුට කොවිඩ්-19 වෛරය ආසාදනය වී තිබෙන බවට පී. සී. ආර්. පරික්ෂණ මගින් අද (06දා) තහවුරු වී ඇති බව පොලීසිය පවසයි.

මේ අනුව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව මගින් තාවකාලිකව පවත්වාගෙන යන බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි රැඳවූවන් 363 දෙනෙකු මේ වන විට  කොවිඩ් වෛරසයට ආසාදනය  වී තිබේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොවිඩ් ආසාදිත රැඳවූවන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබෙන බවද බන්ධනාගරයේ ප්‍රධාන ජේලර්වරයාටද පසුගිය සති අන්තයේ කොවිඩ් වෛරසය අසාදනය වී තිබෙන බව අනාවරණය වූ අතර ඔහු ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය කොවිඩ් රෝහලට යොමුකර ඇත.