යොවුන් පරපුරට නොමිලේ මානව හිමිකම් කඳවුරක්

ජන කොටස් නියෝජනය වන අයුරින් යොවුන් කදවුර සදහා තරුණ තරුණියන් තෝරාගන්නා බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩි දුරටත් දන්වා සිටී.

සියලුම අයදුම්කරුවන් වයස අවුරුදු 18-29 ත් අතර විය යුතු සේම සිංහල, දමිළ හෝ ඉංශ්‍රීසි යන භාෂාවන්ගෙන් එකකින් සන්නිවේදනය කිරීමේ හැකියාව තිබිය යුතුය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කදවුර පවත්වන කාල සීමාව තුළ සියලුම නේවාසික පහසුකම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සපයන අතර ඒ සදහා සියලු වියදම්ද මානව හිමිකම් කොමිෂන් සභාව මගින් ම දරන බව එම කොමිසම වැඩි දුරටත් සදහන් කරයි.

අයදුම්පත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ වෙබි අඩවියෙන් (www.hrcsl.lk) හෝ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශිය කාර්යාලවලින් ලබාගත හැකිය.

අදාල අයදුම්පත් 2020 සැප්තැම්බර් මස 30 දින හෝ එදිනට පෙර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රාදේශිය කාර්යාලයට හෝ අධ්‍යාපන හා විශේෂ වැඩ සටහන් අංශය, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, නො.14, ආර්.ඒ ද මැල් මාවත කොළඹ 4 හෝ [email protected] යන විද්‍යුත් ලිපිනය හරහා ලැබීමට සැලැස්විය හැක.

ඔබට යමිකිසි වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අධ්‍යාපන හා විශේෂ වැඩ සටහන් අංශය දුරකථන අංක 011-2505569 ඔස්සේ අමතන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩි දුරටත් දන්වා සිටී.