බ්‍රිතාන්‍ය ෆයිසර් එන්නත ලබා දීම අරඹයි : පළමු එන්නත 90 හැවිරිදි කාන්තාවකට

ෆයිසර් – බයෝ ටෙක් එන්නත අද සිට ජනතාවට ලබා දීමට එක්සත් රාජධානිය කටයුතු කර තිබෙන අතර එහි පළමු එන්නත 90 හැවිරිදි කාන්තාවකට ලබා දී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පළකර තිබේ.

මාග්‍රට් කීනන් නමැති මෙම කාන්තාව පවසා තිබෙන්නේ තමන් ලබන සතියේදී 91 වැනි වියට පා තබන අතර මෙය සිය උපන්දිනයට පෙරම ලැබෙන හොඳ තෑග්ගක් විය හැකි බවයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

“කොවිඩ් -19 වෛරසයට එරෙහිව එන්නත ලබා දුන් පළමු පුද්ගලයා වීම මට මහත් වරප්‍රසාදයක්. එය මම ප්‍රාර්ථනා කරන්නේ මෙය මට කලින් ලැබුණු හොඳම උපන් දින තෑග්ගයි. අවුරුද්දේ වැඩි කාලයක් තනියම සිටීමෙන් පසු නව වසරේ මගේ පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කරන්න මට අවස්ථාව ලැබේවි” යනුවෙන් කීනන් මහත්මිය තවදුරටත් පවසා තිබේ.

එමෙන්ම තමන්ව රැක බලාගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය NHS කාර්ය මණ්ඩලයට ස්තූතිය පළකරන්නේ කෙසේද යන්න තමන්ට සිතා ගත නොහැකි අතර තමන් මෙන්ම බිය නොවී මෙම එන්නත ලබා ගන්නා ලෙසත් ඇය සිය බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

”වයස 90 වේදී මට එය ගත හැකි නම් ඔබටත් එය කරන්න පුළුවන්” යනුවෙනුයි ඇය පවසන්නේ.

මේ වන විට එන්නත් මාත්‍රා 800,000ක් රටට ගෙන්වා ගෙන තිබෙන අතර මෙම මාසය අවසාන වන විට එන්නත් මිලියන හතරකට වැඩ රට තුළට ගෙන ඒමට බ්‍රිතාන්‍ය රජය බලාපොරොත්තුවෙන් පසුවෙයි.

මෙම එන්නත ලබා දීමේ වැඩසටහන හරහා අවදානම් වැඩි කණ්ඩායම  මූලික ඉලක්කය වී තිබෙන අතර එහිදීත් සෞඛ්‍ය සේවා හා සත්කාර සේවාවල නියුතු පුද්ගලයන්ටද වැඩි තැනක් හිමිව තිබේ.

ඒ අනුව මෙම සතිය තුළ  රට පුරා රෝහල් 70 කදී  එන්නත ලබා දීමට කටයුතු යොදා ඇති බව සඳහන්.