Tab නොමිලේ ගන්න ලියාපදිංචි වන්නැයි සමාජ මාධ්‍යවල පළවන කතා අසත්‍යයි

ටැබ් පරිගණක නොමිලේ ලබා ගැනීමට ලියාපදිංචි වන්නැයි රජය විසින් දන්වා ඇති බවට සමාජ මාධ්‍යන්හී පළ කරන කතා අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරනවා. සිසුන්ගේ ඉගෙනු​ම වඩා ඵලදායී කිරීම සඳහා ඩිජිටල් ඉගෙනුම් ආධාරක ලෙස ටැබ් පරිගණක ලබාදීමට අදාළව ඉදිරිපත් කළ අමාත්‍ය පත්‍රිකාවට මේ වන විට අනුමැතිය ලැබී ඇති නමුත් පාසල් වෙත ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ඉහත පරිදි පියවරක් ​ගෙන නොමැති බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. නිවේදනය පහතින්.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!