ලොව බලවත්ම කාන්තාව අතරට ශ්‍රී ලාංකික කතක්

2020 වසරේ ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුව ජාත්‍යන්තර ෆෝර්බ්(Forbes) සඟරාව විසින් එළිදක්වා තිබෙනවා.එම කාන්තාවන් අතරට ශ්‍රී ලාංකීය සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක ඇතුලත්ව සිටියි.ඇය එම ලැයිස්තුවේ 29 වන ස්ථානයේ පසුවනවා. ඇය එක්සත් රාජධානියේ Macquarie සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරිය මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන්ද කටයුතු කරනවා. එක්සත් රාජධානියේ උපත ලැබූ ඇය කුඩා කාලයේදී ශ්‍රී ලංකාවේ වාසය කර ඉන්පසු වයස අවුරුදු 13 දී ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇති අතර එහිදී අධ්‍යාපන කටයුතු සිදුකර තිබෙනවා.