මැතිවරණ – පොලිස් කොමිෂන් සාමාජිකයෝ වැඩ අරඹති

නව සාමාජිකයින් පත්කෙරුණු මැතිවරණ සහ පොලිස් කොමිෂන් සභාවල කටයුතු අද (10) සිට ආරම්භ වීමට නියමිතය.

අද උදෑසන 10.00 ට මෙම සාමාජිකයින් වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වේ.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ජනාධිපතිවරයා විසින් නිර්දේශ ඉදිරිපත් කළ කොමිෂන් සභා සඳහා පසුගියදා පාර්ලිමේන්තු සභාවේ නිර්දේශ හිමිවිය.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පත්කෙරුණු අතර තවත් සාමාජිකයින් සිව් දෙනෙකු මැතිවරණ කොමිෂන් සභාව නියෝජනය කරනු ලබයි.

එම්.එම් මොහොමඩ්, එස්.බී දිවාරත්න, කේ.පී.පී පතිරණ සහ ජීවන් ත්‍යාගරාජා යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.

මේ අතර පොලිස් කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පතිවරයෙකු වූ චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

මීට අමතරව සිරිසේන ලියනගම, ප්‍රියන්ත සංජීව, එන්.එස්.එම් සංසුදීන්, එන්.සී පේමසිරි පෙරේරා, පී.බී පරමේෂ්වරන් සහ ගුණපාල වික්‍රමගේ යන මහත්වරුන් කොමිසමේ සෙසු සාමාජිකයින් වේ.

ඒ අනුව පොලිස් කොමිසමේ කටයුතු ද අද උදෑසන සිට ආරම්භ වීමට නියමිතය.