කොවිඩ් හෙළ ඔසුව ආහාරමය අතිරේකයක් ලෙස ලබාදීමට අනුමැතිය

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ දේශිය ඖෂධය කොවිඩ් රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.

මේ අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ අද (09) එම ඖෂධය  නිෂ්පාදනය කිරීමට පියවර ගත්තේය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුකළ සායනික අත්හදාබැලීම් දෙකකදී තහවුරු වූ පසුබිමක ඊයේ (08) එම ඖෂධය ජනතාවට නොමිලේ බෙදා දිමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් එම ඖෂධය ලබා ගැනීමට දස දහසකට අධික ජනතාවක් කෑගල්ල පැමිණිමත් සමඟ එම තත්ත්වය පාලනය කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලෙකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ හා ආරක්ෂක ඊයේ ධම්මික බණ්ඩාර වෙදමහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඖෂධය බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඖෂධය ජනතාවට බෙදාහැරීම සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක්ම අදහස් පළ කළේය.

ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොවිඩ් රෝගීන්ට අතිරේක ආහාරයක් ලෙස ලබාදීමට දේහීය වෛද්‍ය අමාත්‍යංශයේ කොවිඩ් මර්ධන ජාතික කමිටුව අනුමැතිය හිමි වූ බව විෂය භාර අමාත්‍ය සිසිර ජයකොඩි මහතා “අද දෙරණ“ට සඳහන් කළේය.

ඊට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය හිමිව තිබේ.

මේ අතර අද දින ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ දී දේශීය ඖෂධය නිෂ්පාදනය කරන ආකාරය ආයුරුවේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් අධීක්ෂණය කළේය.