ඥාතීන් භාර නොගත් කොවිඩ් මළසිරුරු 20ක් රෝහල්වල – වහාම ආදාහනය කරන්න – නීතිපතිගෙන් උපදෙස්

ඥාතීන් විසින් මේ දක්වා භාරගෙන නොමැති කොවිඞ් – 19 වසංගතයට ගොදුරු වී මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු වහාම ආදාහනය කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ඊයේ  (09 දා) පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දුන්නේය.

එලෙස ඥාතීන් විසින් බාර නොගත් මළ සිරුරු 20 කට ආසන්න ප‍්‍රමාණයක් මේ වන විටත් රෝහල් මෘත ශරීරාගාරවල ඇති බවත්, මෙලෙස දිගින් දිගටම ඒවා භූමදානය නොකර රඳවා තබා ගැනීම සෞඛ්‍ය සංරක්‍ෂණයට බරපතළ හානියක් බවත් පවසමින් ඒ සම්බන්ධයෙන් සුදුසු උපදෙස් ලබා දෙන ලෙසට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලිඛිතව කළ ඉල්ලීමක් සලකා බැලූ නීතිපතිවරයා එම උපදෙස් ලබා දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ‘දිවයින’ ට ප‍්‍රකාශ කළාය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

ඒ. ජේ. ඒ. අබේනායක