මාතර වැලිගම ගම් 5ක් හුදකලා කෙ​රේ

මාතර දිස්ත්‍රික්කයේ වැලිගම ප්‍රදේශ කිහිපයක් හුදකලා කර ඇති බව වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

එම ප්‍රදේශයේ අහඹු ලෙස පුද්ගලයන් 235 දෙනෙකුට PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එයින් පුද්ගලයන් 18 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අලුත් වීදිය, හෙට්ටි වීදිය, කොහොනුගමුව, ගල්බොක්ක නැගෙනහිර, ගල්බොක්ක බටහිර යන ප්‍රදේශ හුදකලා කර තිබෙනවා.

එම හුදකලා කිරීම් නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක බවයි වැලිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ.