නෙදර්ලන්ත හිමිනමගේ අපවත්වීම ගැන CIDයෙන් පරීක්ෂණ

රත්ගම පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කල නෙදර්ලන්ත ජාතික හිමිනමගේ අපවත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

නෙදර්ලන්තයේ ජිනරතන නමින් පැවිදිව වැඩ වාසය කල හිමිනමගේ දේහය දින කිහිපයකට පෙර රත්ගම කලපුවේ තිබී සොයා ගැණිනි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

අපවත් වනවිට උන්වහන්සේ 60 හැවිරිදි වියෙහි පසුවූ බවද දින දෙකක් අතුරුදන්ව සිට සොයාගනු ලැබූ නෙදර්ලන්තයේ ජිනරතන හිමිගේ දේහයේ අතපය ගැටගසා බෙල්ලේ ගලක් ද ගැට ගසා තිබුණු බවද වාර්තා වේ.