රිටිගල කොරෝනා පැණියේ ගංජා අඩංගුයි, දැනටත් ප්‍රභූ පැලැන්තියට ලබාදී තිබෙනවා

රිටිගල සින්හක්කාර වෙද පරපුරෙන් කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා පැණියක් නිපදවා තිබෙන බව එම වෙද පරපුරේ දේවේන්ද්‍ර ගුරුන්නාන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණය කළා. වසංගත තත්ත්වයක් ඇති වූවාට පසු එය ඇති වූ ආකාරය සහ ඒ සඳහා භාවිතා කරන ඖෂධ සම්බන්ධයෙන් ලියවුන සන්නස් වලට අනුකූලව මෙම පැණිය නිපදවා ඇති බව ඔහු පවසා සිටියා. රාජ්‍ය ආයතන, ප්‍රභූ පැලැන්තියේ පවුල්, ආරක්ෂක අංශ සහ සිය නිවෙස් වලට පැමිණෙන පිරිස් වෙත මෙම ඖෂධය ලබාදී එය ඉතාමත් සාර්ථක බව ප්‍රතිඵල පෙන්වා ඇති බවත් ඒ මහතා පෙන්වා දෙනවා. වසර 9500ක් පමණ පැරණි පරම්පරාවකින් පැවත එන සිය ගුරු පරම්පරාවේ වට්ටෝරුවක් අනුව සදා ඇති මෙම ඖෂධයේ බිං කොහොඹ, ත්‍රයිලෝක විජයපත්‍ර (ගංජා) සහ තවත් රහස් බෙහෙත් අඩංගු බව දේවේන්ද්‍ර ගුරුන්නාන්සේ පවසනවා.