ෆයිසර් ආසියාවේ අනුමත කළ මුල්ම රට සිංගප්පූරුව
ෆයිසර්-බයෝඑන්ටෙක් හි කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත අනුමත කළ පළමු වැනි ආසියානු රට බවට සිංගප්පූරුව පත්ව තිබේ. එරට රජය පවසන්නේ වසර අවසානයේදී එන්නත් කිරීම රට තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවය.
68 හැවිරිදි අග්‍රාමාත්‍ය ලී හියන් ලූන් පැවසුවේ මිලියන 5.7ක ජනගහනයක් සිටින නගර ප්‍රාන්තයේ මුලින්ම එන්නත ලබන්නත් අතර තමාද සිටින බවය. කෙසේ වෙතත් සිංගප්පූරුව ගෝලීය වසංගතය තුළ අවම මරණ අනුපාතයක් ඇති රටකි.
එමෙන්ම ලබන වසරේ තුන්වැනි කාර්තුව වනවිට සිංගප්පූරුවේ සෑම කෙනෙකුටම ප්‍රමාණවත් තරම් එන්නත් ලබා ගැනීමට අපේක්ෂා කරන බව එරට රජය පැවසීය.
“මගේ සගයන් සහ මම, වැඩිහිටියන් ඇතුළුව, අපට ඉක්මනින් එන්නත ලබාදෙනු ඇති. මෙය ඔබට, විශේෂයෙන් මා වැනි වැඩිහිටියන්ට, එන්නත් ආරක්ෂිත යැයි අප විශ්වාස කරන බව පෙන්වීම සඳහා එසේ සිදුකරන බවද පැවසිය යුතුයි” යනුවෙන් රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ලී පැවසීය. එහිදී එන්නත නොමිලේ, ස්වෙච්ඡාවෙන් ලබාදෙන අතර, එහිදී සෞඛ්‍ය සේවකයන් සහ වැඩිහිටියන් මුලින්ම එන්නත ලබාදෙන කණ්ඩායමට ඇතුළත් වෙයි.
සිංගප්පූරුව මේ වනවිටත් එන්නත් මිලදී ගැනීමේ තවත් ගිවිසුම් අත්සන් කර ඇති අතර, මොඩෙර්නා සහ චීනයේ සිනොවැක් විසින් සංවර්ධනය කරනු ලබන එන්නත් අපේක්ෂකයන් සඳහාද දැනටමත් ගෙවීම් කර ඇති බව කියයි. ඒ අනුව මෙම එන්නත් වැඩසටහන වෙනුවෙන් සිංගප්පූරු ඩොලර් බිලියනයකට වඩා වෙන්කර ඇති බව බලධාරීහු පවසති.
සිංගප්පූරුවේ කොවිඩ්-19 ආසාදිතව පුද්ගලයින් 29 දෙනෙකු මියගොස් තිබේ. සිංගප්පූරුවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 58,000කට වඩා වැඩි අතර, රෝගීන්ගෙන් බහුතරයක් සංක්‍රමණික සේවක නේවාසිකාගාර ආශ්‍රිතව වාර්තා විය.