කල්ක්‍රියාව හොඳ පිරිසක් නත්තලට නිදහස් වන ලකුණු
යහපත් කල්ක්‍රියාවෙන් යුතුව දීර්ඝ කාලයක් සිරදඬුවම් විඳමින් සිටින හා වයස හැත්තෑ පහට (75) වැඩි සිරකරුවන් පිරිසක් එළැඹෙන නත්තල් දිනයට සමගාමීව නිදහස් කර හැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා. වසර විස්සකට අධික කාලයක් තිස්සේ අක්‍රියව පවතින සිරකරු සිවුවස් සමාලෝචන ක්‍රියාවලිය නැවත සක්‍රිය කර මෙම සමාව දීමට නියමිතව ඇති බවද වාර්තා වනවා. මේ සඳහා අනුමැතිය ලබාගැනීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් අධිකරණ අමාත්‍ය අලි සබි්ර පසුගියදා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා. මේ සම්බන්ධයෙන් විමසීමේදී බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කියාසිටියේ මේ අනුව මරණීය දඬුවම නියම වූවන්ගේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස පරිවර්තනය කෙරෙන බවත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබ වසර විස්සකට වැඩි කාලයක් සිරගතව සිටින පිරිස් හා වයස හැත්තෑ පහට වැඩි පිරිස් නිදහස් කර හැරීමට අවධානය යොමුකර ඇති බවයි. මෙකී පිරිස් නත්තල් දිනයට සමගාමීව නිදහස් කිරීමට කිසියම් ගැටලුවක් පැන නැඟුණහොත් ඉදිරි නිදහස් දිනයේදී හෝ වෙසක් දිනයේදී නිදහස් කර ගැනීමට පියවර ගන්නා බවද ඒ මහතා පැවසුවා.