මවගේ මළගමට පැමිණ මත්පැන් බිව් සොහොයුරන් දෙදෙනෙකු මරුට – තවත් අයෙක් රෝහලේ
මීරිගම – කීනදෙනිය ප්‍රදේශයේ සිය මවගේ මළගමට පැමිණ පිරිසක් සමඟ මත්පැන් පානය කළ සොහොයුරන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ප්‍රදේශයේ පුද්ගලයෙකු ලබාදුන් ස්ප්‍රීතු වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව මොවුන් මෙලෙස මියගොස් ඇති අතර, එම මත්පැන් පානය කළ තවත් අයෙකු රෝහල් ගතකර සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
පෙරේදා රාත්‍රියේ ඔවුන් මෙලෙස මත්පැන් පානය කර ඇති අතර, මියගිය පුද්ගලයින් එකම පවුලේ 54 සහ 47 හැවිරිදි සහෝදරයින් වනවා.
නිවස අසල පදිංචි පුද්ගලයෙකු සපයන ලද ස්ප්‍රීතූ වර්ගයක් පානය කිරීමෙන් මොවුන් මියගොස් ඇති බවටයි දැනට වාර්තා වී ඇත්තේ.