යුනිටි ප්ලාසා තාවකාලිකව වසා දමයි
බම්බලපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණයේ වෙළෙඳ සැල් 2කින් කොරෝනා ආසාදිතයින් 4 දෙනෙකු හමුවී තිබෙන බව කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මිට පෙර නිවේදනය කළා. එම ආසාදිතයන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට කටයුතු කර තිබෙන බවත් සඳහන් කළා. කෙසේ වෙතත් මේ වන විට බම්බලපිටිය යුනිටි ප්ලාසා සාප්පු සංකීර්ණය සම්පුර්ණයෙන්ම මේ වන විට වසා දමා ඇති බවටයි කොවිඩ් 19 වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.