ගුවන්තොටුපොළ විවෘත කිරීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්කර අවසන්
ගුවන්තොටුපොළ විවෘත කිරීමෙන් පසු අනුගමනය කළයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස්කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනාරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ, ගුවන්තොටුපොළ හරහා පැමිණෙන පුද්ගලයින්ගෙන් වෛරසය රට තුළට සම්ප්‍රේෂණයවීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බවය.
“අනිවාර්යයෙන්ම අපි හොඳටම දන්නවා කොවිඩ් රෝගය රට තුළ පාලනය කළොත් වරායක් හෝ ගුවන්තොටුපොළක් හරහා පමණයි මේ රෝගය නැවත පැමිණෙන්න හැකියාව තියෙන්නේ. ඒ හරහා මේ රෝගය පැමිණීමට තියෙන ඉඩකඩ පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ නිසා ගුවන්තොටුපොළින් එන මගීන් හරහා මෙම රෝගය පැතිරීමට තියෙන ඉඩ අවම කිරීමට අවශ්‍යකරන සියලු උපදෙස් සෞඛ්‍ය අංශ විසින් ලබාදීලා තියෙනවා. මේ ගුවන්තොටුපොළ හරහා ඉදිරියේදී වැඩි ජන සංඛ්‍යාවක් පැමිණීමේ කටයුතු සිදුවන්නේ නම් ඒ සඳහාත් ගතයුතු ක්‍රියාමාර්ග අපි අදාළ අංශවලට ලබාදීලා තියෙනවා,” යනුවෙන් ද වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.