ධවල මන්දිරයේ වෛද්‍යවරු නිර්දේශ කරන තුරු ජනපති ට්‍රම්ප් එන්නත ගන්නේ නෑලු
ධවල මන්දිරයේ වෛද්‍ය කණ්ඩායම විසින් නිර්දේශ කරනු ලබන තුරු ජනාධිපති ට්‍රම්ප්ට කොවිඩ්-19 වෛරසයට එරෙහි ෆයිසර් එන්නත ලබා නොගන්නා බව වාර්තා වෙයි.
ට්‍රම්ප් මීට පෙර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටියදී ඔහුට ලබාදුන් මොනොක්ලෝනල් ප්‍රතිදේහ මාත්‍රාවන්හි ප්රතිලාභ තවමත් ලැබෙමින් පවතින බැවින් ඔහුට මෙසේ එන්නත ප්‍රමාද කරන බවද සඳහන් වෙයි.
කෙසේ වෙතත් යම් කාල වකවානුවකින් පසුව ට්‍රම්ප් එන්නත ලබාගනු ඇති බව ධවල මන්දිර නිලධාරියෙක් සඳහන් කර තිබුණි. ට්‍රම්ප්ගේ තත්ත්වය ඉදිරි දිනවලදී එන්නත ලබා ගැනීමට සූදානම් වන උප ජනාධිපති මයික් පෙන්ස්ට වඩා වෙනස් බවද හෙතෙම සඳහන් කළේය. පෙන්ස්ට වෛරසය ආසාදනය වී නොමැති බැවින්, එන්නත ලබා ගැනීමේ අවශ්‍යතාව ඔහුට වඩාත් බලවත් බවත්, පෙන්ස් එන්නත ලබාගැනීම ප්‍රසිද්ධ කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් එම නිලධාරියා පැවසීය.