ජනතාවට බියෙන් සැකෙන් තොරව ඉන්න පුළුවන් – මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය
බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට නම් එම සමාජයේ කප්පම්, කල්ලි සිටිය නොහැකි බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. යහපාලන රජය සමයේ ජාතික ආරක්ෂාව බිද වැටුනේ බුද්ධි අංශය අකර්මනය කල නිසා බවත් ඔහු පවසනවා. ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසු නැවතත් බුද්ධි අංශ ශක්තිමත් කල බවයි ඔහු පවසන්නේ. ඒක නිසා තමයි අපි දැන් කෙලේමෝ බෝම්බ අල්ලන්නේ, කුඩු අල්ලන්නේ, මහා පරිමාණයෙන් බුද්ධි අංශ ශක්තිමත් කරපු නිසා. ඒ හින්දා අද ජනතාවට බියෙන් සැකෙන් තොරව ඉන්න පුළුවන්. මොකද ත්‍රස්තවාදය, අන්තවාදය හිස ඔසවනවා නම් ඒක අනිවාරෙයෙන්ම අපි දකින නිසා