පොළොන්නරුව රාජකිය විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකුට කොවිඩ්

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බව තහවුරු කර ගෙන ඇත.

මේ අනුව එම පාසලේ සිසුන් දෙදෙනා ඉගෙනුම ලැබූ පන්ති කාමර දෙක වසා දැමීමට තීරණය කළ බව විදුහල්පති රවිලාල් විජේවංශ මහතා පවසයි.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!

එම සිසුන් දෙදෙනාගේ පියාට කොවිඩ් ආසාදිත වී ඇති අතර ඒ අනුව සිසුන්ට කරන ලද PCR පරීක්ෂණ වලින් ආසාදිත බව හඳුනා ගෙන තිබේ.

කෙසේ නමුත් විදුහල්පතිවරයා පවසා සිටියේ 6 වසර පන්තියක් සහ 10 වසර පංතියක් මේ වන විට වසා දමා  සිසුන් 60 දෙනෙකු සහ ගරුවරු ඇතුළු කාර්යමණ්ඩලය 29 දෙනෙකු PCR පරීක්ෂණ ලක් කර ඇති බවත් මෙතෙක් එහි ප්‍රතිපල නිකුත් වි නොමැති බව පැවැසුහ.