ත්‍රිකුණාමලේ කොට්ඨාසයේ සියලු පාසල් හෙට සිට වසා දැමේ

ත්‍රිකුණාමලේ කොට්ඨාසයේ සියලු පාසල් හෙට දිනේ සිට වසා යළි දැනුම් දෙන තුරු වසා දැමීමට කටයුතු කරන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය මීට සුළු මොහොතකට පෙර පළාත් අධ්‍යාපන ලේකම්වරයාට උපදෙස් දි තිබේ.
ත්‍රිකුණාමලය නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයන් 15 දෙනකු වාර්තා වීම නිසා මේ ක්‍රියාමාර්ගය ගෙන තිබේ.