පාසල් ශිෂ්‍යයෙකුගේ මළ සිරුරක් අම්බලන්ගොඩින් සොයා ගනියි
අම්බලන්ගොඩ ප්‍රධාන පාසලක දොලොස් වන වසරේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයකුගේ මළ සිරුරක් අද (23 ) උදැසන බලපිටිය හරස් පොළ වෙරළ තීරයට ගොඩ ගසා තිබියදි සොයා ගත් බව අහුන්ගල්ල පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පාසලක ඉගෙනුම ලබන පිටුවල ලියන බානු සරිත් ද සොයිසා නැමති බලපිටිය පාතේගම පදිංචි දහනව හැවිරිදි වියේ පසු වන ශිෂ්‍යයකුගේ මළ සිරුර මෙසේ සොයාගත් බවද පොලීසිය කියයි.
ඔහු ගිය වසරේ (2019) පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් නවයටම ඒ සාමාර්ථ ලබා ලබන වසරේ (2021) ජීව විද්‍යා අංශයෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලිවීමට නියමිතව සිටි ශිෂ්‍යයකු බවද පොලීසිය කියයි.
මේ ශිෂ්‍යයා මීට දින දෙකක පටන් නිවසින් අතුරුදන්ව ඇතැයි කියමින් ඔවුන්ගේ දෙමාපියන් විසින් පැමිණිළි කොට තිබූ බවද පොලීසිය කියයි.
මේ ශිෂ්‍යයාගේ මරණ පරීක්ෂණය අද (23 ) දහවල් බලපිටිය මූලික රෝහල් මරණ පරීක්ෂිකා කේ.වගාඅරච්චි මහත්මිය විසින් බලපිටිය මූලික රෝහලේදි පැවැත්වීමට නියමිතව තිබිණ.
අහුන්ගල්ල පොලීසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.