ලියාපදිංචි කරන්නේ සමාජ මාධ්‍ය භාවිත කරන්නන් නොව ඒවායේ මෙහෙයුම්කරුවන් වන විදේශ සමාගම් – ජනමාධ්‍ය අමාත්‍ය
විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබෙනවා. සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ පියවරක් ලෙස ගත් මෙම තීරණය ගැන මේ වන විට වැරදි අර්ථකථනයක් සමාජයේ සංසරණය වන බව, මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මෙහිදී සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කිරීමක් සිදුනොවන බවත්, රජයේ ලියාපදිංචි කරනුයේ, මේ වන විටත් ඩිජිටල් දත්ත පාලනය හරහා දේශීය ව්‍යාපාර යටපත් කරගනිමින් හා පවරා ගනිමින්, ඩිජිටල් වේදිකා හරහා විශාල මුදල් ප්‍රමාණයක් රටින් පිටතට අදිමින් සිටින බහුජාතික සමාගම් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.නිවේදනය පහතින්.