ප්‍රසිද්ධ බිස්කට් සමාගමක සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා
රත්මලානේ පිහිටි ප්‍රසිද්ධ බිස්කට් සමාගමක සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එම සමාගමේ ගබඩාවක සේවයකයන් කීප දෙනෙකුට මෙසේ කොරෝනා ආසාදනය වී ඇති බවත් ඒ හේතුවෙන් එම ගබඩාවේ කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇති බවත් සමාගමේ නිළ ෆේස්බුක් පිටුවේ පළ කර ඇති නිවේදනයක දක්වා තිබෙනවා.