බ්‍රිතාන්‍යයේ පැතිරයන වෛරසය ගැන විශේෂඥ අදහස්

බ්‍රිතාන්‍යයේ පැතිරයන නව වෛරස ප්‍රභේදය පිළිබඳව අදහස් දැක්වීම සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා, සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා අද (25) පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

එහිදී ඔහු පැවසුවේ  කෝවිඩ්- 19 වෛරසයේ ප්‍රභේදයන් වෙන්කර හඳුනාගත හැකි පරීක්ෂණ උපකරණ මේ වනවිටත් ශ්‍රී ලංකාව සතුවන අතර නව වෛරස ප්‍රභේද සම්බන්ධයෙන් ජනතාව කිසිදු අනියත බියක් ඇතිකරගැනීමට අවශ්‍ය නොවන බවය.

“කොරෝනා රෝගයෙන් වළකින්න අවශ්‍යකරන මූලික සංකල්පවලට අවනත වෙලා වැඩ කළොත් වෛරසයේ ප්‍රභේදය වෙනස් වුණාට ජනතාව බියක් ඇති කරගත යුතු නෑ. දැනට අපි සතුව තියෙන පරීක්ෂණ අනුව අපිට කියන්න පුළුවන් මේ වෛරසය ලංකාවට ඇතුළුවෙලාද නැද්ද කියන කාරණය,” යනුවෙන් විශේෂඥ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.

කරුණාකර අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න!