කොවිඩ් ආසාදිත දේහ ආදාහනයට එරෙහිව කළුතර දී උද්ඝෝෂණයක්

කොවිඩ් ආසාදිත දේහ ආදාහනයට එරෙහිව කළුතර වෙට්ටුමකඩ මුස්ලිම් ජාතිකයින් සුදු කොඩි ප්‍රදර්ශනය කරමින් සිය විරෝධය පළකර තිබේ.
දැනට වෙට්ටුමකඩ ප්‍රදේශය හුදකලා කර තිබෙන නමුත් ප්‍රදේශවාසීන් වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේ දී උද්ඝෝෂණය කළේ එම හුදකලා තත්ත්වයද නොතකමිනි.
මේ අතර, මෙරටින් මේ දක්වා හමුවී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන මේ වනවිට 39,000 සීමාව පසුකර තිබේ.
ඒ සවස් වරුවේ හඳුනාගත් ආසාදිතයින් 461 දෙනාද සමගිනි.
මාතර, දික්වැල්ල ප්‍රදේශයේ යෝනකපුර බටහිර සහ යෝනකපුර නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම් අද (25) දහවල් සිට හුදකලා කිරීමට පියවර ගැනුණි.
එම ග්‍රාම නිලධාරී වසම් දෙකට අයත් පවුල් 19ක පුද්ගලයින් 23 දෙනෙකු ඉකුත් සතියේ අවස්ථා කිහිපයකදී සිදුකළ පීසීආර් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් පීසීආර් පරීක්ෂණ සඳහා පැමිණෙන්නැයි දැනුම් දුන්නද යෝනකපුර ප්‍රදේශයේ බොහෝ පිරිස් එම පරීක්ෂණ මඟහරිමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.
දැනට හුදකලා කර තිබෙන අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයෙන් නව ආසාදිතයින් 31 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබෙන අතර ඔවුන් සියලුදෙනා ම සීතාවක අපනයන සැකසුම් කලාපයේ සේවකයින් වේ.
සීතාවක අපනයන සැකසුම් කලාපයෙන් මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 492 දෙනෙකු හඳුනාගෙන තිබේ.
කොස්ගම ප්‍රදේශයෙන්ද නව ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වූ අතර ඔවුන්ද සීතාවක කලාපයේ ඇඟලුම් ආයතන සේවකයින් වෙයි.
කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් සිව්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙන්නේ ඊයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදීය.
ආසාදිතබවට හඳුනාගත් නිලධාරීන් අතර පාලන අංශයේ ස්ථානාධිපතිවරයා, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා හා ප්‍රජා පොලිස් ඒකකයේ පොලිස් කොස්තාපල්වරියක් ද වෙයි.
ඊයේ උදෑසන බස්නාහිර පළාත් සීමාවේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකදී පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් අතර ඔහුගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කිරීම හේතුවෙන් එහි නිලධාරීන් 60 දෙනෙකු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කර තිබුණි.
සිසුවාගේ පියාද ඇතුළු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගැනුණේ ඒ අනුවය.
ඇහැළියගොඩ මාහර ප්‍රදේශයේ ඇඟලුම් ආයතනයක සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීමත් සමඟ එහි සේවය කළ 22ක් ස්වයං නිරෝධායනයට යොමුකර ආයතනය තාවකාලිකව වසාදැමීමට පියවර ගැනුණි.
කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ආශ්‍රිතයෙකු වූ
හැටන් – දික්ඔය නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.
අදාළ නාගරික මන්ත්‍රීවරයා ඉකුත් 19 වැනිදා නගර සභාවේ සෙසු නිලධාරීන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් සමග විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ නිවසේ පැවති උත්සවයකට සහභාගි වී ඇති බවට තොරතුරු හෙළිවිය.
මේ හේතුවෙන් ඊට සහභාගි වූ හැටන් දික්ඔය නගර සභාවේ ලේකම්වරයා හා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ සඳහන් කළහ.
ගාල්ල බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයින් 7 දෙනෙකු ඊයේ හඳුනාගෙන තිබේ.
කොල්ලුපිටියේ පෞද්ගලික ආයතනයක සේවය කළ බද්දේගම පදිංචි අයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගැනීමත් සමග සිදුකළ පීසීආර් පරීක්ෂාවේදී මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළහ.
ඒ අනුව ආසාදිතයින් 7 දෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 39 ක් ස්වයං නිරෝධායනයට යොමුකර සිටී.
වටවල ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවක සේවිකාවන් 451 දෙනෙකුට අද (25) සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී නව ආසාදිතයින් 28 දෙනෙකු හඳුනාගෙන තිබුණි.
ඒ අනුව මේ දක්වා එම ආයතනයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 39 කි.
මේ අතර, කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කෙරුණු කොරෝනා අධි සත්කාර ඒකකය ප්‍රාථමික සෞඛ්‍ය සේවා,වසංගත රෝග හා කොවිඩ් රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා විසින් අද විවෘත කරනු ලැබීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ඒකකය සඳහා එම රාජ්‍ය අමාත්‍යාංශය වැය කළ මුදල රුපියල් ලක්ෂ 35 කි.
කොවිඩ් රෝගීන් සිව්දෙනෙකු සඳහා එකවර මෙම ඒකකයේ ප්‍රතිකාර ලබාදිය හැකිය.