කළුතර දකුණ පොලිසියේ කොරෝනා ශාඛාව භාර ස්ථානාධිපතිවරයාට කොරෝනා

කළුතර දකුණ පොලිසියේ කොරෝනා ශාඛාව භාර ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව අද (24) අනාවරණයවී ඇතැයි කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ස්ථානාධිපතිවරයාගේ 15 හැවිරිදි පුත්‍රයා අද උදෑසන මතුගම ප්‍රදේශයට පැමිණ බෙන්තර පාලමෙන් පිටවීමට යන අවස්ථාවේදී සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයෙන් එම පිරිමි දරුවාට කොරෝනා ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.
ඒ බව, කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සැලවීමත් සමග අදාළ ස්ථානාධිපතිවරයාට ද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට යොමු වන ලෙස උපදෙස් ලබා දී ඇත.
එහිදී ඔහුට ද කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.
ඒ අනුව, ස්ථානාධිපතිවරයා සමගින් කොරෝනා ශාඛාවේ රාජකාරී කළ කාන්තා පොලිස් කොස්තාපල්වරියක් ද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට යොමු කර ඇති අතර ඇයට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
මේ හේතුවෙන්, කළුතර දකුණ පොලිසියේ කොරෝනා ශාඛාව භාර ස්ථානාධිපතිවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව කළුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයා සඳහන් කළේය.