කහකුඩු වෙනුවට කෑමට කහ ඩයි දාන ජාවාරම

වෙළෙඳපොළේ පවතින කහකුඩු හිඟය හේතුවෙන් ආපනශාලාවල කහකුඩු වෙනුවට වර්ණකාරක යොදා ආහාර සකසන ජාවාරමක් අරඹා ඇතැයි ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක ‘නව සිහළ උරුමයේ’ අසේල සම්පත් පවසයි.
එලෙස කහකුඩු වෙනුවට වර්ණකාරක යොදන බවට තමා සතුව සාක්ෂි ඇති බවත් ඒ මහතා පැවසීය.
එපමණක් නොව ජනතාව පරිභෝජනය කරන තේ කුඩුවල හා තුනපහ කුඩුවල ප්රමිතියේ බරපතළ ගැටලුවක් පවතින අතර ඒවාට ඩයි යොදා වෙළෙඳපොළේ අලෙවි කරන ජාවාරමක විස්තරද තමා හෙළි කරන බව පැවැසූ හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ, යහපත් ආහාර පිළිබඳ ජාතික ප්රතිපත්තියක් ස්ථාපිත කිරීමට නම් 2003 ස්ථාපිත කළ පාර්ලිමේන්තු පනත යාවත්කාලීන කළ යුතු බවත් ආහාර පිළිබඳ කිසිදු අපේක්ෂකයෙක් කතා නොකිරීම ඛේදවාචකයක් බවත් කීය.